colombotimes.lk
සිංහල | English

18 October 2024


තිලංග සුමතිපාලගේ පැමිණිල්ලට අතුරු තහනම් නියෝගයක්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම අතුරු තහනම් නියෝගය ලබන අගෝස්තු මස 06 වනදා දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)