colombotimes.lk
සිංහල | English

18 October 2024


දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙක් ජීවිතක්ෂයට



කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම අනතුරෙන් අලීන් දෙදෙනෙක් මියගොස් තවත් එක අලියෙක් තුවාල ලබා ඇති බවයි.

මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදී අද (18) අලුයම මෙම අනතුර සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරත් සමඟ දුම්රිය පීලි පැනීමකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.  


(colombotimes.lk)