colombotimes.lk
සිංහල | English

22 June 2024

BLOG | විජයග්‍රහණයේ පහළොස් වසරක අභිමන් සැමරුම



දශක තුනක කාලයක් මෙරට පැවැති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා.

යුදකාමී දෙමළ තරුණයන් පිරිසක් නැවත සංවිධානය වෙමින් ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා එල්. ටී. ටී. ඊ. සංවිධානය බිහි කළේ 1976 මැයි මස 5 වැනිදාවකයි. උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙමළ ඊළාම් අඩවිය ලෙසින් නිර්මාණය කර ගතයුතු යැයි යෝජනා කරමින් උතුරේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙසින් යළි නාමකරණය වූයේ ද 1976 මැයි මස 14 වැනිදාවකයි.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා මුලතිව් දිස්ත්‍රික්කයේදී එල්. ටී. ටී. ඊ. යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවේද 2009 මැයි මාසයේ. ඒ හේතුවෙන් මැයි 15-18 යන දින හතර තීරණාත්මක සුවිශේෂි දින හතරක් ලෙස සඳහන් කිරීම වැදගත්.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත්වුණා.

ඔහුගේ මළ සිරුර කලපු ඉවුරේ තිබී සොයාගත් බව සඳහන් නිල නිවේදනයක් නිකුත් කළේ අද වැනි දිනකයි.

එම විශාලතම මානුෂීය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දස දහස් ගණනක් LTTE ග්‍රහණයෙන් මුදා ගැනීමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වෙනවා.

එලෙස විරෝධාර රණවිරුවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් අති විශාල පිරිසකගේ අත් පා පරිත්‍යාගයෙන් අපට හිමිකළ දුන් විජයග්‍රහණයට අදට වසර 15ක් සපිරෙනවා.

(colombotimes.lk)