colombotimes.lk
සිංහල | English

13 September 2024


මම නෙවෙයි වෙන කෙනෙක් අද වේදිකාගත වෙයි



ධර්මප්‍රිය ඩයස්ගේ අධ්‍යක්ෂණයක් සහ ලක්මාල් ප්‍රශාන් ගුණවර්ධනගේ නිෂ්පාදනයක් වන 'මම නෙවෙයි වෙන කෙනෙක්' අද (17) වේදිකාගත වනවා.

ඒ බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියෙටර්හිදීයි.

ධර්මප්‍රිය ඩයස්, කුසල් මධුරංග, ජයනි සේනානායක, සම්පත් ජයවීර, කෝරළගේ සමන්, අනුරාධා පෙරේරා, පසන් රණවීර, බෙත්මින් ගම්සික, ජෙනට් ඇන්තනි යන රංගන ශිල්පින් රැසක් මෙහි රංගනයෙන් දායක වනවා.

'මම නෙවෙයි වෙන කෙනෙක්' සවස 3.30ට සහ 6.45ට වේදිකාගතවීමට නියමිතයි.

සීමිත ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් ඇති බැවින් 077-7367708 යන දුරකථන අංකය ඔස්සේ ඔබගේ ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමට හැකියාව පවතිනවා.

(colombotimes.lk)