colombotimes.lk
සිංහල | English

13 September 2024


Citadel Honey Bunny නිකුත් කරන දිනය නිවේදනය කරයි



Citadel Honey Bunny කතා මාලාව නිකුත් කරන දිනය නිවේදනය කර තිබෙනවා.

වරුන් ධවාන් සහ සමන්තා රූත් ප්‍රභූ රංගනයෙන් දායක වන මෙම කතා මාලාව මුම්බායි හි විශේෂ උත්සවයක් සමඟ පූර්ව ප්‍රචාරක පටයක් ද එළිදැක්වුණා.

එමෙන්ම වරුන් සහ සමන්තා එක්ව රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.

රාජ් සහ ඩීකේ විසින් මෙම කතා මාලාව අධ්‍යක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව මෙම කතා මාලාව නොවැම්බර් 7 වනදා නිකුත් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)