01 July 2025

logo

පාස්කු වාර්තාව සම්බන්ධව ගම්මන්පිලගෙන් සැර ප්‍රකාශයක්



දින තුනක් තුළ පාස්කු වාර්තාව ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් සතුව ඇති වාර්තාවන් එළඹෙන සඳුදා දින ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලුම වාර්තාවල කිසිදු අඩුවක් නොමැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍ය විජිත හේරත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට ප්‍රතිඥාවක් ලබා දෙන තුරු තමා සතු වාර්තාව ආණ්ඩුවට බාර නොදෙන බවයි.

තමන් ළඟ ඇත්තේ එම වාර්තාවල පිටපත් බවත් සත්‍ය වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)