02 April 2025

INTERNATIONAL
POLITICAL


අම්බලන්තොට වලවේ ගඟ දෙපස පදිංචිකරුවන්ට ගං වතුර අවදානමක්



අම්බලන්තොට වලවේ ගඟ දෙපස පදිංචිකරුවන් හා ගඟ පරිහරණය කරන අය ප්‍රවේශම් විය යුතු බව හම්බන්තොට වාරිමාර්ග ඉංජිනේරු මාලා සමරක්කොඩි මහත්මිය සඳහන් කරනවා. 

ඒ උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් අඩියක් බැගින් විවෘත කර තිබීම හේතුවෙන්.
 
ඒ හරහා වලවේ ගඟට අක්කර අඩි 13,000 ක පමණ ජල ධාරිතාවයක් මුදා හැරෙන බවයි ඇය පැවසුවේ. 
 
ඒ අනුව වලවේ ගඟ මුහුදට ගලා බසින අම්බලන්තොට අවට පහත්බිම්වලට හදිසි ජල ගැලීම් තත්ත්වයක් උදාවිය හැකි බව ඉංජිනේරුවරිය පැවසුවා. 
 
මේ හේතුවෙන් අම්බලන්තොට වාඳුරුප්ප, බෝලාන, පට්ටිට වරාය, තවාළුවිවල, යන ප්‍රදේශවලට ගඟේ ජලය පිට ආර ගලා යෑමට ඉඩකඩ ඇති හෙයින් අවදානයෙන් සිටින ලෙසත් කිසිවිටක ගඟට බැසීම සිදු නොකරන ලෙසටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 
වලවේ ගඟ මුහුදට ගලා බසින පට්ටිය වරාය හා ගොඩවාය යන මෝය කට පිහිටි ස්ථාන දෙකම ජලය ඉතා හොඳට බැස යෑම සිදුවන හෙයින් ගඟේ ජලය බාධාවකින් තොරව බැසයෑම සිදුවන බවද ඇය සඳහන් කළා.
(colombotimes.lk)