colombotimes.lk
සිංහල | English

29 September 2024


බඹර ප්‍රහාරයකින් සිසුන් 30ක් රෝහලට



මූතූර් ප්‍රදේශයේ පාසලක 05 ශ්‍රේණියේ සිසුන් 30 දෙනෙකුට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (25) සවස ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින ළමුන් පිරිසක් පාසල නිමවී අමතර පන්තියකට සහභාගී වන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

බඹර ප්‍රහාරයෙන් සිසුන් 22 දෙනෙකු , සිසුවියන් 08 දෙනෙකු සහ ගුරුවරයෙකු රෝහල් ගත කර තිබෙනවා.  
(colombotimes.lk)