colombotimes.lk
සිංහල | English

28 September 2024


ලබන මාසයේ සිංහයන් සහ කොදෙව්වන් තරග බිමට



බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන මාසයේදී මෙරට සංචාරක නිරත වීමට නියමිතව තිබෙනවා.                      

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව තරග 3 බැගින් සමන්විත T20 තරගාවලියකට සහ එක්දින තරගාවලියකට සහභාගී වීම වෙනුවෙන්.                     

දෙරට අතර පැවැත්වෙන T20 තරගාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේත් එක්දින තරගාවලිය නුවර පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේත් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

පළමු T20 තරගය ඔක්තෝබර් 13 වනදා, දෙවන T20 තරගය ඔක්තෝබර් 15 වනදා සහ අවසන් T20 තරගය ඔක්තෝබර් 17 වනදා පැවැත්වීමට නියමිත තිබෙනවා.                     

එමෙන්ම එක්දින තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය ඔක්තෝබර් 20 වනදා පැවැත්වෙනවා.             

දෙවෙන එක්දින තරගය ඔක්තෝබර් 23 වනදා සහ අවසන් එක්දින තරගය ඔක්තෝබර් 26 වනදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.



(colombotimes.lk)