colombotimes.lk
සිංහල | English

01 October 2024


සත්වෝද්‍යාන නොමිලේ නරඹන්න අද විශේෂ අවස්ථාවක්



වයස අවුරදු 12ට අඩු ළමුන්ට අද (01) දිවයිනේ සියලු සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වනවා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය සඳහන් කළේ අදට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය සහ හම්බන්තොට රීදිගම සෆාරී උද්‍යානය නොමිලේ නැරඹීමට ළමුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

(colombotimes.lk)