colombotimes.lk
සිංහල | English

01 October 2024


බස් ගාස්තුවත් අඩු වෙයිද ?



බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (01) දහවල් කාලය වන විට නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව ජාතික ගමනාගමන කොමිසම ප්‍රකාශ කළා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ ඊට අදාළ ගණනය කිරීම් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ ගාස්තු අඩු වීමක් සිදුනොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ හා රියදුරන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුදිල් ජයරුක් මහතා සදහන් කළේ පෙට්‍රල් මිල රුපියල් 300ට වඩා අඩු වීමක් සිදුවන්නේ නම් පමණක් එම ගාස්තු අඩු කරන බවයි.

(colombotimes.lk)