colombotimes.lk
සිංහල | English

18 September 2024


උද්දිකගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සහකාර පොලිස් අධිකාරීවරයාට ඇප



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමව පසුගිය 05 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ අනුව ඔහුව අද (13) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.

එහිදී සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)