colombotimes.lk
සිංහල | English

19 September 2024


මැතිවරණ නිහඬ කාලසීමාව අද මධ්‍යම රාත්‍රීයේ සිට



ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අද මධ්‍යම රාත්‍රී 12 සිට මැතිවරණය පැවැත්වෙන 21වන සෙනසුරාදා දක්වා මැතිවරණ නිහඬ කාලසීමාව ක්‍රියාත්මකයි.

මැතිවරණ නිහඬ කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශවයක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය පවරා තිබෙනවා.


(colombotimes.lk)