colombotimes.lk
සිංහල | English

28 September 2024


Colombo Times Talent පොඩ්ඩෝ තරගයට ඔබේ දරුවත් අදම යොමු කරන්න



ඔක්තෝම්බර් මස 01 වනදාට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් අලුත්ම අත්දැකීමක් දරුවන්ට තෑගි කරන්න Colombo Times මෙවරත් සූදානම්.

ඒ අනුව Colombo Times Talent පොඩ්ඩෝ මෙවරත් ක්‍රියාත්මක කිරීමට Colombo Times කාර්ය මණ්ඩලය මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන්.

මෙම තරගාවලිය දිවයින පුරා විසිරී සිටින දරුවන්ගේ චිත්‍ර, ගායන සහ නර්තන හැකියාවන් අගයමින් පැවැත්වෙනවා.

වයස් කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙන Colombo Times Talent පොඩ්ඩෝ තරගයට ඔබේ දරුවාගේ දක්ෂතාවයද ඇතුළත් කිරීමට දෙමව්පියන් වන ඔබටත් දැන් අවස්ථාව හිමි වනවා.

ඒ සඳහා ඔබ සිදු කළ යුත්තේ ඔබේ දරුවාගේ දක්ෂතාවය ඇතුළත් වීඩියෝ පටය හෝ ඡායාරූපය 0704 444 948 යන අංකයට WhatsApp කිරීම පමණයි.

එමඟින් ජයග්‍රහණය කරන දරුවන්ට Colombo Times Talent පොඩ්ඩෝ වෙතින් තෑගි පිරිනමන්නත් සූදානම්.

තරගයට සහභාගී වන ඔබ මෙම කොන්දේසිවලට අනුගත විය යුතුයි.

වයස් කාණ්ඩ
 
1.    අවුරුදු 06 සිට 08 දක්වා
2.    අවුරුදු 09 සිට 11 දක්වා
3.    අවුරුදු 12 සිට 14 දක්වා

තරග පැවැත්වෙන අංශ

1. නර්තන අංශය - ඔබ විසින් තෝරාගත් ඕනෑම සංගීත කාණ්ඩයකට නර්තනය ඉදිරිපත් කළ හැකියි. දරුවාගේ ඉදිරිපත් කිරීම සඳහා විනාඩියක කාලයක් පමණක් ලබාදෙනු ලැබේ.

2. ගායන අංශය - ඕනෑම භාෂාවක ගීතයක් ගායනා කළ හැකියි. ඉදිරිපත් කිරීම සඳහා විනාඩියක කාලයක් ලබාදෙනු ලැබේ.

3. චිත්‍ර අංශය (තේමාවන්)

* අවුරුදු 06 සිට 08 දක්වා - මගේ සුරතලා, මුහුදු වෙරළ, මගේ පාසල, මගේ ගම / නගරය
* අවුරුදු 09 සිට 11 දක්වා  - සොබාදහමේ සුන්දරත්වය, එකමුතුකම, ජල සම්පත සුරකිමු, ළමා දිනය ළමා ඇසින්
* අවුරුදු 12 සිට 14 දක්වා - කසළවලින් තොර රටක්, මිහිතලය සුරකිමු, වසර 2050 මගේ ඇසින්, ආහාර නාස්තිය වළකමු යන මාතෘකා යටතේ චිත‍්‍ර ඉදිරිපත් කළ හැකියි.

* අප ලබාදී ඇති මාතෘකාවක් යටතේ අඳින ලද චිත්‍රයක්, දරුවා විසින් ඉදිරිපත් කරන ඕනෑම ගායනයක්, නර්තනයක් ජංගම දුරකථනය ඔස්සේ වීඩියෝ කර 070 4444 948 අංකයට WhatsApp කළ යුතුයි.

* WhatsApp හරහා ඉදිරිපත් කිරීම් අප වෙත යොමු කිරීමේදී දරුවාගේ නම, වයස, පදිංචිය, ඉගෙනුම ලබන පාසල, භාරකරුගේ නම සඳහන් කිරීම අනිවාර්යයි.

* සැප්තැම්බර් 30 වනදා සවස 6.00ට පෙර ඔබේ නිර්මාණය අප වෙත WhatsApp කරන්න.

* අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතුයි.

* අවසන් ජයග්‍රාහකයන් තෝරා ගැනීමෙන් අනතුරුව ඔක්තෝම්බර් 10වන දින Colombo Times ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ත්‍යාග ලබාදීම සිදු කිරීමට නියමිතයි.

* මේ පිළිබඳව වැඩිදුර තොරතුරු Colombo Times ඔස්සේ ඔබට සමීප කිරීමට අප සූදානම්.

(colombotimes.lk)