colombotimes.lk
සිංහල | English

29 September 2024


ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ තරුණයෙක් කොටු වෙයි



ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සමඟ 17 හැවිරිදි පුද්ගලයෙකු නොච්චියාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තඹුත්තේගම බස් නැවතුම්පළ අසලදී සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේදී තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ උපකරණ රැසක්ද සොයාගෙන තිබෙනවා.

මේ වන විට තඹුත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ. 
(colombotimes.lk)