colombotimes.lk
සිංහල | English

29 September 2024


විපතට පත් නිවාස අලුත්වැඩියාවට ජනපතිගෙන් මුදල්



ආපදාවට ලක්වූ නිවාස පිළිසකර කරදීම සඳහා සහන සැලසීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ජනාධිපතිවරයා විසින් අනුමත කර තිබෙනවා.

පසුගිය ගංවතුරින් නිවාස හානි වූ ජනතාවට සහන සැලසීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සොයා බැලීමේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ සඳහා අවශ්‍ය මුදල් මේ වන විටත් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති අතර, එම මුදල් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හැරීමට සැළසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සම්පූර්ණයෙන් හානි වූ සෑම නිවසකටම රුපියල් මිලියන 2.5ක් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවේ සේවාවන් ලබා ගැනීමට හැකි බව ඔහු කියා සිටියා.

(colombotimes.lk)