colombotimes.lk
සිංහල | English

01 October 2024


මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද සමාලෝචනය කිරීමට නව කමිටුවක්



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති සියලු පහසුකම් සහ වරප්‍රසාද සමාලෝචනය කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.                    

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරිගේ සභාපතීත්වයෙන් යුත් කමිටුව සඳහා විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩී. වීරසිංහගේ සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා සීතාගේ සාමාජිකත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවයි.

ඒ අනුව මෙම කමිටුව හරහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති සියලු පහසුකම් සහ වරප්‍රසාද සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.    

(colombotimes.lk)