colombotimes.lk
සිංහල | English

18 October 2024


RAMIS අනුකමිටු වාර්තාව ජනපතිට



ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායී අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ සභාපතීත්වයෙන් යුත් එම අනුකමිටුවේ සෙසු සාමාජිකයන් අතරට ටිරාන් අලස් සහ නලීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ද ඇතුළත්.

මෙම වාර්තාව ප්‍රධාන නිර්දේශ 07කින් සමන්විත වන ආකාරයට සකසා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)