colombotimes.lk
සිංහල | English

18 September 2024


රන්කුඩු තොගයක් සමඟ සැකකරුවෙක් කටුනායකදී අත්අඩංගුවට



නීති විරෝධීව මෙරටට රැගෙන ආ රන් කුඩු සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට ඉන්දියාව හරහා මෙරටට පැමිණ ඇති සැකකරු සතුව තිබියදී රන් කුඩු කිලෝ 1යි ග්‍රෑම් 860ක් මෙලෙස රේගු නිලධාරීන් බාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)