colombotimes.lk
සිංහල | English

28 September 2024


විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් කොටු වෙයි



ඊයේ (27) අළුයම කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ කටුනායක ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදී තීරු බදු රහිතව අබුඩාබි සිට ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි 45,000ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන කළේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 47ක් වන හුණු මුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ කටුනායක ගුවන් තොටුපල ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.


colombotimes.lk