colombotimes.lk
සිංහල | English

18 October 2024


නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක්



එළඹෙන ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

ඒ අනුව නියමිත ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ලබාදීමට නොහැකිවීම පිළිබඳව බියක් ඇති  වුවහොත් වෙනත් මධ්‍යස්ථානයකට ගොස් තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සළසා දෙන ලෙස ඉල්ලුම් කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර සියලුම දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන්ගෙන් සහ මැතිවරණ කාර්යාලවලින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

අදාළ අයදුම්පත්‍ර ලබන අගෝස්තු 01 වනදාට පෙර මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට යොමු කිරීමට හැකියාව පවතිනවා.

(colombotimes.lk)