19 April 2025

INTERNATIONAL
POLITICAL


VIDEO | හූති මිසයිලයකින් දෙවන නෞකාවත් මුහුදුබත් කරයි



රතු මුහුදේදී ගල් අඟුරු ප්‍රවාහන ග්‍රීක නෞකාවකට හූති මිසයිල ප්‍රහාරයක් එල්ලවන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රහාරය එල්ල වී තිබුණේ යේමනයේ හුදෙයිදා වරායට ඔබ්බෙන් වූ මුහුදේදීයි.

මීට සතියකට පමණ පෙර එල්ල වූ ප්‍රහාරයෙන්, නෞකාව මේ වනවිට සම්පූර්ණයෙන් ගිලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදි එහි කාර්යමණ්ඩල සේවකයින් විසි දෙදෙනෙකු පමණ සිට තිබූ අතර ඔවුන් සියලුදෙනා පිලිපීන ජාතිකයින් බවයි සඳහන් වන්නේ.

ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් ඇති අතර සෙසු පිරිස ගුවන් මඟින් මුදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)