19 April 2025

INTERNATIONAL
POLITICAL


VIDEO | ඊශ්‍රායල හමුදාව සිදු කළ අමානුෂික ක්‍රියාවක් එළියට



බටහිර ඉවුරේ ජෙනින් නගරයේ සිදු කළ වැටලීමකදී තුවාල ලැබූ පලස්තීන ජාතිකයෙකු ඊශ්‍රායල හමුදා වාහනයක ඉදිරිපස ගැට ගසා ගෙන යාමේ අමානුෂික ක්‍රියාවක් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

වැටලීමේදී වෙඩි හුවමාරුවකින් එම පුද්ගලයා තුවාල ලැබූ බවත් ඔහු සැකකරුවෙකු වූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.

තුවාලකරුගේ පවුලේ පිරිස ප්‍රකාශ කර ඇත්තේ, ගිලන් රථයක් ඉල්ලා සිටි විට හමුදාව ඔහුව රැගෙන ගොස් ඔවුන්ගේ ජීප් රථයේ බොනට්ටුවේ බැඳ දමා ධාවනය කළ බවයි.

(colombotimes.lk)