19 April 2025

INTERNATIONAL
POLITICAL


ලෝකයේ දුර්ලභ බළලුන්ගෙන් එක් වර්ගයක් වඳවීමේ තර්ජනයෙන් ඉවතට



සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) වාර්තාවකට අනුව ලෝකයේ දුර්ලභ බළල් විශේෂයක් වන අයිබීරියන් ලින්ක්ස් විශේෂය තවදුරටත් වඳවීමේ තර්ජනයට ලක්ව නැති බව හෙළි වී තිබෙනවා.

මෙම සතුන් සංඛ්‍යාවේ සැළකිය යුතු වැඩිවීමකින් පසු අයිබීරියානු ලින්ක්ස් 'වඳවීමේ තර්ජනයට ලක්ව ඇති' සිට 'අවදානමට ලක්විය හැකි' දක්වා ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ  වනවිට අයිබීරියන් ලින්ක්ස් සතුන් එකතුව 2,000කට වඩා වැඩි ප්‍රමාණයක් සිටින බව IUCN වාර්තාවල සඳහන්.

මෙම සතුන්ගේ නිවහන ලෙස හැඳින්වෙන්නේ අයිබීරියානු කලාපය - ස්පාඤ්ඤය සහ පෘතුගාලයයි.

(colombotimes.lk)