colombotimes.lk
සිංහල | English

17 September 2024


අනතුරු වළකාගන්නට ලංගමයෙන් විශේෂ තීරණයක්



බස් රථයක් ධාවනය කරන අතරතුර ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ලංගම රියදුරෙක් ඊයේ (24) දිනයේ මිය ගියා.

එම සිද්ධිය හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ වයස අවුරුදු 40 ට වැඩි සේවකයින්ගෙන් වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කිරීමටයි.

වෛද්‍ය වාර්තා ලබා ගැනීමේදී මාස හතරකට වරක් වෛද්‍ය වාර්තා ලබාගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
 
(colombotimes.lk)