colombotimes.lk
සිංහල | English

19 September 2024


පාකිස්ථානයේ විදුලි අර්බුදය තවදුරටත්



පාකිස්ථානයේ පරිපාලනය යටතේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පවතින දැඩි විදුලි අර්බුදය හේතුවෙන් එරට ජනතාව විරෝධතාවයක නිරත වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම ප්‍රාන්තයේ ජනතාව පවසන්නේ අඛණ්ඩව විදුලිය සැපයීමට ප්‍රාන්ත රජය අසමත් වීම හේතුවෙන් එරට ජන ජීවිතයට මෙන්ම ව්‍යාපාරික කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවයි.   

ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් පාකිස්ථාන රජයට නොමැති වීම මේ වන විට මෙම තත්ත්වය උද්ගතවීමට හේතු වී තිබෙනවා.

(colombotimes.lk)