colombotimes.lk
සිංහල | English

17 September 2024


මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්



විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වන ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත් හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

(colombotimes.lk)