colombotimes.lk
සිංහල | English

17 September 2024


පළමු මාස 07 තුළ ලාංකිකයන් 175,163ක් රැකියා සඳහා විදේශ ගත වෙයි



2024 ජූලි මාසයේදී ශ්‍රී ලාංකිකයන් 28,003 දෙනෙක් රැකියා සඳහා විදේශගත වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව වාර්තාවකට අනුව 2024 පළමු මාස ​​07 තුළ ශ්‍රී ලාංකිකයන් 175,163ක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මෙම කාලය තුළ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 3,710.8ක් වාර්තා වී ඇති බවයි.

මෙය 2023 වසරේ මුල් මාස 07ට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

එම කාලය තුළ රැකියා සඳහා 171,864ක් විදේශගත වී ඇති අතර ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 3,363.6ක්.

වාර්තාවට අනුව රැකියා සඳහා වැඩිම විදේශගතවීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2014 වසරේදීයි.

(colombotimes.lk)