colombotimes.lk
සිංහල | English

13 September 2024


මිලියන 212කට අධික හෂීස් තොගයක් ශ්‍රී ලංකා රේගු භාරයට



ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් මිලියන 212ක් පමණ වටිනාකමකින් යුත් 'හෂීස්' වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු නිලධාරීන් පවසන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය ඉතාලියේ සිට කොළඹ පිහිටි පාර්සල් නිෂ්කාශන සමාගමක් හරහා ශ්‍රී ලංකාවට එවා ඇති බවයි.
 
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

(colombotimes.lk)