colombotimes.lk
සිංහල | English

18 September 2024


පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති මියයයි



පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති Alberto Fujimori මියගිය බව ඔහුගේ දියණිය නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයන විට ඔහුගේ වයස අවුරුදු 86ක් බවයි.

ඔහු 1990 සිට 2000 වසර දක්වා පේරු රාජ්‍යය පාලනය කළ අතර එම කාලයේදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.

Albertoට එරෙහිව එල්ලවූ චෝදනාවල ප්‍රතිඵලයක් ලෙස ඔහුව බලයෙන් පහ කෙරුණු අතර පසුව ඔහු ජපානයට පලා ගොස් තිබෙනවා.

අනතුරුව 2005 වසරේදී ඔහුව චිලි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා වසර 25කට බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කළේ වසර 15කට පසුවයි.
 
(colombotimes.lk)