colombotimes.lk
සිංහල | English

17 September 2024


PHOTOS | පූඩළුඔය වතු නිවාස 24ක් ගිනිබත් වෙයි



පූඩළුඔය පොලිස් වසමට අයත් සීන් වත්තේ වතු නිවාස 24ක් ගිනිගෙන විනාශ වී ඇති බව පූඩළුඔය පොලීසිය පවසනවා.

මෙම ගින්න ඊයේ (16) රාත්‍රි 8.00 පමණ එක් නිවසික් හටගෙන ඇති අතර පසුව සෙසු නිවාසවලට වේගයෙන් පැතිරී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පැතිරී ගිය ගින්න වතු කම්කරුවන් සහ පූඩළුඔය පොලීසියේ නිලධාරින් එක්වී පාලනය කර තිබෙනවා.

ගින්නෙන් කිසිවෙක්ට තුවාල සිදුවී නොමැති අතර ගිනිගත් වතු නිවාසවල පවුල් 24කට අයත් සාමාජිකයන් 70කට ආසන්න පිරිසක් එම වතුයායේම ආරක්ෂිත ස්ථානයක මේ වන විට රඳවා සිටින බවයි වාර්තා වන්නේ.





(colombotimes.lk)