colombotimes.lk
සිංහල | English

17 September 2024


කෝටි 25ක වෙළඳ සංකීර්ණය වසර තුනක් අතහැර දමලා



කෝටි 25ක වියදමින් ඉදි කරන ලද හෝමාගම නව වෙළඳ සංකීර්ණය හා රථ වාහන නැවතුම්පොළ වසර තුනක් පුරාවටම අත හැර දමා තිබෙනවා.

මේ වන විටත් මෙම ගොඩනැගිල්ල මදුරුවන්ට හා අනාචාරයේ හැසිරෙන්නන්ට තෝතැන්නක් වී ඇති බවයි ප්‍රදේශ වාසීන් පවසන්නේ.

මේ පිළිබඳව වීමසිමේ දී මෙම ගොඩනැගිල්ල බදු දීමට දැන්වීම් පළ කළත්, එය සාර්ථක නොවුන බව හෝමාගම නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

(colombotimes.lk)