colombotimes.lk
සිංහල | English

17 September 2024


එමිරේට්ස් ගුවන් යානයක ගැටී ෆ්ලෙමින්ගෝ පක්ෂීන් 39ක් මිය යයි



ඉන්දියාවේ මුම්බායි හිදී ගුවන් යානයක ගැටීමෙන් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් 39 දෙනෙකු මියගොස් තිබෙනවා.

මගීන් 300 දෙනෙකු රැගත් එමිරේට්ස් ගුවන් යානයක පක්ෂීන් මෙලෙස ගැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිදුවීමෙන් පසු ගුවන් යානය ආරක්ෂිතව ගොඩබැස්වීමට කටයුතු කර ඇති අතර යානයේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන්.

(colombotimes.lk)