colombotimes.lk
සිංහල | English

17 September 2024


නායයෑමකින් පුද්ගලයින් 670ක් අතුරුදන්



පැපුවා නිව්ගිනියාවේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 670 ක් පමණ මියගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැක පළ කර තිබෙනවා.

නායයෑම හේතුවෙන් පුද්ගලයින් විශාල පිරිසක් සහ නිවාස රැසක් පස් කඳුවලට යට වී තිබෙන අතර, මේ වන විටත් අදාළ ස්ථානයේ ගලවා ගැනීමේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිවාස 150කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම පස් කඳුවලට යට වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
(colombotimes.lk)