colombotimes.lk
සිංහල | English

13 May 2024

යුද හමුදා සෙබළු 7156ක් සේවයෙන් ඉවතට



නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් 7156ක් පොදු සමා කාලයේ පළමු සතිය තුළදී සේවයෙන් ඉවත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පවසනවා.

ඔහු පවසන්නේ, පොදු සමා කාලයේ සේවයට වාර්තා නොකර සිටි යුධ හමුදා සාමාජිකයින් 7143ක් සහ නිවාඩු නොමැතිව දැනට විදේශගතව සිටින යුධ හමුදා සාමාජිකයින් 13 දෙනෙකු එලෙස සේවයෙන් ඉවත් කර ඇති බවයි.

මෙම මස 20 වැනිදා සිට ලබන මස 20 වැනිදා දක්වා මසක කාලයක් පොදු සමා කාලය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)