ශ්‍රීකාන්ත් චිත්‍රපටයෙන් වාර්තාගත ආදායමක්



රාජ්කුමාර් රාඕ ප්‍රධාන චරිතයට පණ පොවන ශ්‍රීකාන්ත් චිත්‍රපටය ඉන්දියාවේ හොඳින් තිරගත වෙමින් තිබෙනවා.

දින තුනක් ඇතුළත මෙම චිත්‍රපටය රුපියල් කෝටි 11කට වඩා උපයා ඇති බවයි වාර්තා වන්නේ.

මෙය රචනා කර ඇත්තේ Jagdeep Siddhu සහ Sumit Purohit විසිනි.

චිත්‍රපටය පළමු දිනයේ රුපියල් කෝටි 2.25 ක් සහ දෙවන දිනයේ දී රුපියල් කෝටි 4.2ක මුදලක් උපයා ඇති අතර මුල් ඇස්තමේන්තුවලට අනුව එය තෙවැනි දිනයේදී ඉන්දියාව තුළ රුපියල් කෝටි 5.5 ක ශුද්ධ ආදායමක් උපයා තිබෙනවා.

මෙම චිත්‍රපටය මැයි 10 වැනිදා සිනමාහල්වලට නිකුත් වුණා.
(colombotimes.lk)