colombotimes.lk
සිංහල | English

27 April 2024

WATCH VIDEO | 96 ලෝක කුසලානය දිනා අදට වසර 28යි



අද දවස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අමතක නොවන දවසක්. ඒ මොකද 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කළේ අද (17) වගේ දිනක.
 
Recap: 1996 Cricket World Cup

මේ ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම. ලකුණු 252ක් හඹා යාමේදී 120/8 දක්වා පහත වැටුණු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල පිතිහරඹය හේතුවෙන් සහ ක්‍රීඩා ලෝලීන්ගේ කරදර හේතුවෙන් තරගයට බාධා එල්ල වීමත් සමඟ ඒ අවසන් පූර්ව තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා. ඒ අනුව ලෝක කුසලානයේ අවසන් මහ තරගයේ තම ස්ථානය වෙන් කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

අනෙක් අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ඒ වන විට ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟයි. ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් මේ තරගය ඔස්ට්‍රේලියාව ලකුණු 5 කින් බටහිර ඉන්දීය කොදෙව් පිළ පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කර ගත්තා.
 
1996 Cricket World Cup (1996)
 
1996 ලෝක කුසලානයේ අවසන් මහ තරගය පැවැත් වෙන්නේ මාර්තු 17 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී. මේ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනකොට ඔවුන් තීරණය කරන්නේ පළමුව පන්දු යැවීමටයි. ඒ අනුව පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 241ක් ලබා ගන්නවා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා වන Mark Taylor ලකුණු 74ක් සහ රිකී පොන්ටින් ලකුණු 45ක් රැස් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු ලබා ගැනීමේදී අරවින්ද කඩුලු 3ක් සහ චමින්ද වාස්, සනත් ජයසූරිය, මුත්තයියා, සහ කුමාර දර්මසෙන කඩුල්ලක් වශයෙන් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා හිමි වන ඉලක්කය ලකුණු 242ක්. මේ ඉලක්කය හඹා යාම සඳහා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ සනත් ජයසූරිය ලකුණු 9 කට සහ කලුවිතාරණ ලකුණු 6 කට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දවා ගන්නේ සිංහයන්ගේ ලෝක කුසලානයේ බලාපොරොත්තු බිඳ දමමින්. කොහොම වුණත් පසුව අසංක ගුරුසිංහ සහ අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම ඔසවන්නට කටයුතු කරනවා. මෙහිදී අසංක ගුරුසිංහ ලකුණු 65ක් රැස් කර සිටියදී දැවී යනවා. ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග. අරවින්ද ශකයක් වාර්තා කරමින් නොදැවී ලකුණු 107ක් ලබා ගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉනිමේ 46 වන පන්දුවාරයේ දෙවන පන්දුවේදී අර්ජුනගේ පිත්තෙන් එල්ල කළ හතරේ පහරත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නට සමත් වුණා.
 
Wills World Cup | 1995/96 Wills World Cup | Live Score, Schedule, News

මේ ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ වීරයා සම්මානය දිනා ගන්නට පිත්තෙන් ලකුණු 107ක් සහ පන්දුවෙන් කඩුලු 3ක් දවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක අරවින්ද ද සිල්වා සමත් වෙන කොට තරගාවලියේ වීරයා සම්මානය සනත් ජයසූරිය ලබා ගත්තා.
 
Sri Lanka

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කර වසර 28ක් ගත වී තිබුණත් මෙයින් පසු එක්දින ලෝක කුසලානයක් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවෙලා නැහැ. කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම 2007 සහ 2011 වසරවල පැවති ලෝක කුසලානවලදී අවසන් මහ තරගයට ක්‍රීඩා කර ඇති අතර එම තරග දෙකම පරාජයට පත් වීමට සිදු වුණා.
 
(colombotimes.lk)