colombotimes.lk
සිංහල | English

17 September 2024


රුසියාවට නව ආරක්ෂක ඇමතිවරයෙක්



රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස 65 හැවිරිදි හිටපු උප අගමැති ඇන්ඩ්‍රි බෙලූසොව් පත් කර තිබෙනවා.

ඒ, ඔහුගේ දිගුකාලීන මිත්‍රයෙකු වූ 68 හැවිරිදි Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ගනිමින්.

2012 වසරේ සිට එම භූමිකාවේ යෙදී සිටි Sergei Shoigu එම ධුරයෙන් ඉවත් කිරීමට තවමත් නිශ්චිත හේතුවක් නැති නමුත් එම ඇමති ධූරය සිවිල් පුරවැසියෙකුට ලබා දීමේ අවශ්‍යතාවය මත ඔහු ඉවත් කර ඇති බවයි ක්‍රෙම්ලින ප්‍රකාශකයෙකු වාර්තා කරන්නේ.
(colombotimes.lk)