PHOTOS | චීන සත්වෝද්‍යානයක බල්ලන් පැන්ඩන් බවට පත් කරයි



චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් ලෙස කළු සහ සුදුවලින්  වර්ණ ගැන්වූ ' චොව් චොව් ' වර්ගයේ බල්ලන් දෙදෙනෙකු ප්‍රදර්ශනය කර තිබෙනවා.

සත්වෝද්‍යාන බලධාරීන්, මෙම බල්ලන් නම් කර තිබුණේ, පැන්ඩා බල්ලන් ලෙසයි.

මෙහි අරමුණ වී තිබුණේ, පසුගිය මැයි පළමු වැනිදා නිවාඩු දිනයක් බැවින් එදිනට සත්වෝද්‍යානයට වැඩියෙන් නරඹන්නන් ගෙන්වා ගැනීමයි.

කෙසේ වෙතත් සත්වෝද්‍යානයට පැමිණි නරඹන්නන් ඒ නව පැන්ඩන් වර්ගයක් නොව බල්ලන් බව දැනගත් විට සත්වෝද්‍යාන බලධාරීන්ට දැඩි විරෝධයක් එල්ල කර තිබෙන බව වාර්තා වනවා.
(colombotimes.lk)