colombotimes.lk
සිංහල | English

17 September 2024


අයහපත් කාලගුණයෙන් පවුල් 778කට පීඩා



දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පවුල් 778කට අයත් පුද්ගලයන් 2872 දෙනෙක් පීඩාවට පත් වී සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

එම සංඛ්‍යාව 1,256ක්.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 977 දෙනෙක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 639 දෙනෙක් පීඩාවට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)