colombotimes.lk
සිංහල | English

17 September 2024


යාපනයේ බන්ධනාගාර රැඳවියෙක්ට හදිසියේ දිවි අහිමි වෙයි



යාපනය බන්ධනාගාරයේ සිටි රැඳවියෙක් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බව යාපනය පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ එලෙස මිය ගොස් ඇත්තේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙක් බවයි.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් පිළිබඳව රැඳවියා කිහිපවරක් බන්ධනාගාර නියාමකවරුන් වෙත දැන්වීමෙන් පසුව ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය බව පොලීසිය ප්‍රකාශ කළා. 

(colombotimes.lk)