colombotimes.lk
සිංහල | English

17 September 2024


ග්‍රාම නිලධාරී වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණයක්



ග්‍රාම නිලධාරීන් ආරම්භ කළ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එහි සම සභාපති නන්දන රණසිංහ සඳහන් කළේ ග්‍රාම නිලධාරියා, මැතිවරණ නිලධාරියෙක් බැවින් එළඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

(colombotimes.lk)