colombotimes.lk
සිංහල | English

17 September 2024


නීති සිසුන් පිරිසක් ජනපති හමුවෙයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලූ ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය පිළිබඳ සිසුන් ඉදිරිපත් කළ ගැටලු වල‍ට ද පිළිතුරු දෙමින් ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කර තිබෙනවා.

(colombotimes.lk)