colombotimes.lk
සිංහල | English

17 September 2024


ලංකාවෙන් ගිය ISIS ත්‍රස්තවාදීන් පිරිසක් ඉන්දියාවේදී අල්ලයි



ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවයි.

එම සැකකරුවන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව එරට ආරක්ෂක අංශ පවසනවා.

ඔවුන් එම ගුවන්තොටුපොළට පැමිණ තිබෙන්නේ කුමක් සඳහා ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)