colombotimes.lk
සිංහල | English

17 September 2024


ජනපතිගෙන් IMF ගිවිසුම ගැන යළිත් පැහැදිලි කිරීමක්



සටන් පාඨ කියමින් මහ මග ගොස් ජනතාවගේ දුප්පත්කම තුරන් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමූපකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ IMF එක සහ ආණ්ඩුවත් අතර තිබෙන ගිවිසුම නිසා රට ගොඩගැනීමට හැකි වුණු බවත් එම ගිවිසුම යළි වැටීමට ලක් වුවහොත් නැවත පෝලිම් යුගයකට රට පත්වන බවයි.

එම සාකච්ඡාවට දිවයින පුරා සමූපකාර සමිති ජාලයේ සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් ඇතුළු නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා.  

(colombotimes.lk)