colombotimes.lk
සිංහල | English

17 September 2024


රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ 52ක හිඟයක්



ශ්‍රී ලංකාව තුළ දැනට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අද (08) පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 862ක් හඳුනාගෙන ඇති බවත්, පසුගිය වසරේ ඖෂධ වර්ග 250ක හිඟයක් රට තුළ පැවති බවයි.

කෙසේ වෙතත් මේ වන විට ඖෂධ 52ක හිඟයක් පමණක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම ඖෂධ වර්ග 52ක සඳහා ආදේශක ඖෂධ රට තුළ පවතින බවයි.

එමෙන්ම ඉන් ඇතැම් ඖෂධ සඳහා ඇණවුම් ලබාදී ඇති බවත් එම ඖෂධ ඇණවුම් ලැබෙමින් පවතින බවත් ඔහු සඳහන් කළා.

(colombotimes.lk)