colombotimes.lk
සිංහල | English

17 September 2024


පොලීසිවල මාංචු, සපත්තු, මේස් හිඟයක්



දිවයින පුරා තිබෙන පොලිස් ස්ථානවල අත් විලංගු, සපත්තු, මේස් සහ බැනියම්වල හිඟයක් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

දැනට පොලිස් ස්ථාන සතු බොහෝ අත් විලංගු පවතින්නේ අක්‍රීය තත්ත්වයේ බවයි වාර්තා වන්නේ.

ඒවා සැකකරුවන්ට දමා තිබිය දී ඔවුන්ට පලායාමට හැකියාව තිබෙන බවත් එලෙස පළා ගියහොත්, එය පොලිස් නිළධාරීන්ගේ රැකියාවට ද තර්ජනයක් බවත් පොලිසීය සඳහන් කළා.

එමෙන්ම පොලිස් නිළධාරීන්ට තමන්ගේ සපත්තු, මේස්, බැනියම් වැනි අවශ්‍යතා ඔවුන්ගේ පුද්ගලික වියදමින් සපුරා ගැනීමට සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)