colombotimes.lk
සිංහල | English

17 September 2024


ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්



මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ එම බස් රථ සේවාව ලබන මස 14 වනදා සිට 19 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම එම සේවාව දිවා සහ රාත්‍රී සේවා ලෙස මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක පුරා බස් රථ 438ක් යෙදවීමට තීරණය කර තිබෙන අතර මීට අමතරව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, කෑගල්ල, කොළඹ, ගම්පහ, නාවලපිටිය, ගම්පොල යන ප්‍රදේශවල සිට ද තවත් අතිරේක බස් 100ක් යෙදවීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)