colombotimes.lk
සිංහල | English

17 September 2024


ඉරානයේ මීළඟ ජනපති ගැන කතාබහක්



ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රහිම් රයිසි එරට කඳුකර ප්‍රදේශයක ඊයේ (19) සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇති බව අද (20) තහවුරු වුණා.

ඒ අනුව එරට මීළඟ ජනපති සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇති වී තිබෙනවා.

එරට ව්‍යවස්ථාවට අනුව අන්තර්වාර ජනපතිවරයෙක් පත්කෙරෙන අතර එම තනතුරට පත්කෙරෙන්නේ මේ වන විට එරට 'පළමු ජනියෝජ්‍ය ජනාධිපති ' ලෙස කටයුතු කරන පුද්ගලයාය.

එම තනතුර මේ වන විට දරනු ලබන්නේ, 68 හැවිරිදි මොහම්මඩ් මොක්බර්ය.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ, ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වනු ඇති බවයි.
(colombotimes.lk)