colombotimes.lk
සිංහල | English

17 September 2024


ළමුන් අතර ව්‍යාප්ත වන රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්



ළමුන් අතර හතිය වැනි රෝගී තත්ත්වයන් මේ දින වල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය මාස කිහිපය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ද වාර්තා වී තිබෙන බවයි.

ඒ හේතුවෙන් උණ, කැස්ස, හෙම්බිරිස්සාව පවතින දරුවන්ව නිවස තුළ තබා ගන්නා ලෙසත්, රෝග ලක්ෂණ ඇත්නම් මුඛ ආවරණ පළඳින ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ඔහු කියා සිටියේ එවැනි වූ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.  

(colombotimes.lk)